Back to Top

By Pubudu Siriwansa

wwwwolivia_manning2-300x200

හැට පස්වන කොටස…

          “දහමක් හා සංස්කෘතියක් අතර පරතරය වඩාත් බලාත්මකයි අපි ඒ දෙස බලන තැනට අනූව. හිතන්න හැම ආගමකට පාහේ අවශ්‍ය වන්නේ මීලග ජීවිතය වඩාත් අපූරු තැනකට තැනකට පැමිනෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. බොහෝ වෙලාවට එය ජීවිතය අර්ථද ක්වන්නේ ඒ සදහා සූදානම් වන්නට සුදුසුම අවස්ථාව ලැබී ඇති ලෙසටයි. ඒත් මම හිතනවා බිහිවීමට පෙර පැහැදිලි නැති බිඳවැටීමට පසු පැහැදිලි නැති හිස් කඩදාසියක් වගේ ජීවිතය නම් ගොඩ නැගීම සමග පැමිනෙනේ නැති අර්ථ බොහොමයක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්නට මිනිස් වර්ගයාට හැකි වෙලා තිබෙනවා. දහම ඔස්සේ ඔවුන් උත්සාහ කරලා තිබෙනවා මේ හරිම වේදනාකාරී අඩුව පුරවා ගන්නට. හැබැයි ඒ අඩුව පුරවා ගැනීමේ ක්‍රම වේදය ඔස්සේ ඔවුනට පුලුවන් වෙලා තිබෙනවා හැම සංස්කෘතියකම පදනම වන්නට.හැබැයි ඒ සංස්කෘතීන් වෙතින් එහි ඇති කිසියම් හෝ දහමක් මුලුමනින් ගලවා දමන්නට කවදාවත් මිනිස් වර්ගයාට හැකි වෙන එකක් නැහැ. ඒත් මේ බොහොම දහම් වල පදනම දිවෙන්නේ පෙර කී ආකරයේ සංස්කෘතික අවශ්‍යතා සපුරලන ආකාරයට නොවීම පැහැදිලිව දකින්නට පුලුවන්. දහම වැඩෙන්නේ නැති වුනාට සංස්කෘතියට වැඩෙන්නට සිදුවෙනවා. උදාහරනයකට බලන්න බිහිවේලා තිබෙන අනාගතය ගැන වන සිනමා නිර්මාන ගැන. නිර්මාණාත්මක පොත්පත් දිහා. ඒවා තුල මහත් පාලු බවක් ජීවයෙන් තොරබවක් බොහෝ අයට දැනෙන බවට අදහස් පලවනවා. ඔවුන් බොහෝ විට කියනවා හරීම කෘතීම බවක් දැනෙන බවක් ඒ නිර්මාණ තුල. මම හිතනවා දැන් ඔබට ගැටලුව පැහැදිලියි කියලා. එක විදිහකට බුදු දහම වෙනස් මගක් ගන්නේත් මෙතැනදීයි. ලොවපුරා තියෙන බොහෝ දහම් වඩාත් වාර්ථක මිනිස් ගොඩනැගීමකට සහය වනවා වන කොට බුදු දහම එම ගොඩ නැගීම නැවත විමසන්නට ආරාධනා කරනවා. තත්වය වඩාත් සංකීර්න කරමින් එය සමස්ථ ලෝකයේම පදනම වන “මම” නැවත විමසන්නට හා විමසමින් ආපසු ගමනක් යන්නට ආරාධනා කරනවා. සමහර විටක දහමක් කියන්නේ කුමක්ද වැනි මූලික අර්ථ දැක්වීම් වලින් වෙනස්ව බුදු දහම අර්ථ දක්වන්නට සමහරුන් උත්සාහ කර ඇත්තේ මේ නිසා වන්නට ඇති. සංකීර්නව විමසනකොට තේරෙන කාරනයක් තමයි ලෝක ආධිපත්‍ය සංස්කෘතිය වඩාත් විසිරීම බහුලකරවන අන්තර්ජාලය වැනි භාවිතාවන් එක්ක තත්වය වඩාත් ව්‍යාකූල වන බව.” හැකි පමනින් තත්වය විග්‍රහකර දෙන්නට මම උත්සාහ කලෙමි. සිතුවමක, හඬ පැබැදුමක් සමග මෙන්ම බුද්ධිමය කාරනයක් සමගද හොරාවක් දෙකක් උවත් සමවැදී සිටින්නට ඇය සමතියකි.

Zen

හැට හතරවන වන කොටස…

    සෑදෑව එලබෙන්තම අප දෙදෙන නගරයට ඔබ්බෙන් වන සුපුරුදු කඳුමුදුනත වෙතට පැමිනෙන්නට සමත් විනිමු. කඳුමුදුනත දිගේ බොහෝ දුරට විහිදෙන සේ පා-මාවත් අලුතින් නිමා කර ඇත. අලංකාර නෙක ආකාරයේ විසිතුරු රුක් ගොමු වලින් එම මාවත දෙපස ගවසා තිබුනේ වඩාත් සිත් පැහැර ගන්නා ආකාරයකටය. යන – එන ලෙසට මංතීරු දෙකකින් ඒවා නිමවා තිබීම මහත් ආකාර්ශනීයය. සැහැල්ලු සැන්දෑවක මනා සිතුවිලි සක්මනකට වඩාත් අපූරු තැනක් ලෙසට එය සංවර්ධනය කර තිබීම දැකීම සිතට මහත් සහනයක් විය. දෙපසට යනෙන්නන් හට අවශ්‍ය විටකදී සුලු ආකාරයේ ආහාර පාන මිළදී ගැනීමට විසිතුරු වෙළඳ හල් දෙකක්ද පිහිටවා තිබීම හෝරා ගනාවක් වුවද එහි ‍රැදෙන්නට ආරාධනාවක් වැනිය. “අපූරු සිතුවිලි සක්මනකට නම් කියාපු තැන..” මට කිය විනි. ඇයද හිස සලමින් එකග බව කියා පෑවාය.
අප දෙදෙනද එක් දිසාවක් දෙසට සැහැල්ලු සක්මනකට පිවිසුනේ එකිනෙකා ගෙන් විමසීමකට පෙරම පැමිනි එකගතාවයක් තිබුනා සේය. “එතකොට ඔබ කියන්නේ බුදු දහම අප කියවන බලන බොහෝ සටහන් වලි ඔබ්බට විහිදුනු කාරනාවක් බවද?” මා සිතුවා නිවැරදිය. නගර උද්‍යානයේදී දහම ගැන කල කුඩා වාචික සටහන ඇගේ විමසුම් මනස අවදිකරනාව වෙනුවට ගිනි අවුලුවා ඇතුවා සේය. දැඩි විස්වාසය පදනම් වන දහමක ආභාශයේ හැදී වැඩී ඇති ඇයට මේ නව අදහස් රටා ජීවිතයේ කිසිදු දිනක ගොස් නැතිවා පමනක් නොව වෙනස්ම විසිතුරු අත්දැකීමක් ගෙනෙන පෙදෙසකට පිවිසුනා සේ හැගෙනවා විය යූතුය. ආශ්‍රමයේදී පවා අමුත්ත්න්ගෙන් නිතර පලවන ගැටලුවක් වන සංස්කෘතික බුදුදහමින් මුදවා ඉහල ගැනීම මහත් අපහසු කාරනාවකි. “ඒක හරියට භාශාව නොමැතිව ගොඩ නැගෙන දෙබසක් වැනිය.” ටිබෙටියානු මිතුරා සංකීර්න තත්වයන් සරල වදන් පෙලකින් කියවා දමන්නට මහත් සමතෙකි. සමහර විට ඔහු වඩාත් ආභාශයලත් Zen දහම නිසා විය හැක. ” සමාවෙන්න, ඔබ හෙට උදේ වරුවේ තනියම පැමිනිය යුතු සක්මනට හෝරා බොහොමයකට පැමිනිලා වාගෙයි. මට ඒ බවට ඉඩ දිය නොහැකියි. මම හිතන්වා ඔබ ඒ ගැන උරන නොවෙයි කියලා…” මගේ නිහඬ බවින් අපහසුතාවයට පත් ඇය සක්මන නතර කර සුහද චෝදනාවක් කරන්නට විය. පසු පියවර දෙකක් තැබු සමාව අයදින අයුරින් ඇයගේ අතක් ගෙන නැවත ගමන් අරබන්නට පටන් ගතිමි.

nirvana

හැට තුන්වන කොටස…

          “ඔබ නම් සංස්කාරකගේ නොපැමිනීම ආරම්භවීම බුදුදහම වෙතට ඔබ පැමිනීම ආරම්භවීමයි” ඇයගේ විමසුමට සරල පූර්න පිලිතුරක් සදහා මගේ උත්සාහය එලෙස විය. අලංකාර පහන්කනු පෙලක් මැදින්වූ අප ඇවිද යමින් සිටි වෙගය අඩාල කල ඇය ඒ වෙතට සිනා සෙනවාදැයි බරපතල ලෙසට ගනන් ගන්න්වාදැයි වැනි විමසිල්ලක අතරමංවූ ලෙසක් දක්වන්නට විය. “නැහැ එය හැගෙන්නට ඉඩ හරින්න” ඇය වචන නොකල විමසුමටද මම පිලිවදන් දුන්නෙමි. මාවත දෙසට නැබුරුකරගත් දෙනෙතින් ඇය නැවත ගමන් ඇරබුවේය. මෙම උද්‍යානය වඩා අපූරු සැලසුමකට අනූව නිම වූවකි. පහන්කනුවල පවා වන විසිතුරු රටාවල් ඒවායේ ස්වභාවික පෙනුමට අදාල වන වර්ණවලින්ම වර්නගන්වා තබන්නට තරම් ඔවුන් සංවේඳී වී තිබිනි. සමහර අතුරු මාවත් අවට වන තුරු ගොමු වලින් එන පත්‍රවලින් ගැවස තබන්නට කටයුතු කර තිබිනි. ඒවා මතින් පියවර තබමින් යන්නට පැමිනෙන සමහර අමුත්තන් තුලවන කැමැත්ත වෙතට ඔවුන් එලෙස සංවේදී වෙන්නට කටයුතු කර තිබිනි. “ලෝකය වෙතට විවර වන ඉදුරන් අතරින් ලෝකයට ගලා ගෙන යන්නට ඉඩ හරින්න. මැදිහත් වන්නට උත්සාහ නොකරන්න”. ඇයව තව දුරටත් අපහසුතාවය කැදවනවාදැයි මම මගෙන්ම විමසන්නට විය. මම කලකට පෙර කල සටහන් පෙලක් නැවත මත්කර දෙමින් ඇයව සැහැල්ලුවකට කැඳවා දමන්නට අවශය විය.”ඔබ දන්නවාද මේ ලෝකේ තිබෙන සරලතමම දේ තමයි “බුදු දහම” කියලා මට හිතෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නට ඔබේ සිත සංකීර්න වැඩි වෙලා තිබෙනවා”. ඇත්තටම ඒ අවකාශය ඔබට හමුවෙන්නේ ඔබගේ බුද්ධි අවකාශයට යටින්. ඒවා ධහම තෑරුම් ගැනීම වෙතට පිවිසෙන්නට ඇති උපකරන පමනයි”. ඇය වඩාත් කැමැත්තෙන් සවන් දෙන්නට සූදානම් වන විට මම මාතෘකාව වෙනස් කරන්නට උත්සාහ කලෙමි. ටිබෙටියානු මිතුරා නිතර පවසන පරිදි මේවා දැනුම බවට පත්කර ගැනීම නැවත නොමග යාමකි. “ඇතුලතින් අත්පත් කර ගත යුතු දෑ එලෙසම වන්නට ඉඩ හරින්න.” වරක් ආශ්‍රමයේදී අපට හමුවූ ආගන්තුක මහත්මයෙකුට කල සරල පැහැදිලි කිරීම වඩාත් අපූර්ව ලෙසට මතකයේ සටහන්ව තිබිනි.

Zapotec-ruins-of-Monte-Alban

හැට දෙවන කොටස

          තරමක සැහැල්ලු දවසක් ඇයට හවුව තිබෙනවා වියයුතුය. සැහැල්ලුවකින් ඇය සිටින්නේ මහත් ප්‍රබෝධයකිනි. උද්‍යානය කෙරවල වන ඉතා සෙමින් ගලා බස්නා ගං ඉවුරට වන්නට පිහිටවා තිබූ සුපුරුදු අසුන්ක අප වාඩිව සිටියෙමු. ජල රල අතර නිරන්තරයෙන් ඔබ නොබ පිහිනන විසිතුරු පක්ෂීන් මහත් විසිතුරු බවක් ගෙනෙමින් සිටී. උපතින් කිතුනු පරිසරයකට ඇය අයිතිව සිටියද ලොව නෙක සංස්කෘතීන් ඔස්සේ ගලා එන විවිධ දහම් අර්ථයන් පිලිබදව විවෘත විමසිලිමත් බවක් අවදිව තිබිනි. “නොයෙකුත් දහම් කාරනා මෙන්ම ඒවා ආශ්‍රිතව ගොඩ නැගෙන දහම් සංස්කෘතීන් පිලිබදව අපි අතර ඇත්තේ මහත් පටලැවිල්ලක්. බොහෝ වෙලාවට මුල් දහම් ස්වභාවය වෙනු වට අපි ඒ ඇසුරින් ගොඩ නැගෙන සංස්ක්‍රිතීක ආකාරයන් වලට සීමා වෙන ස්වභාවයක් තිබෙනවා. සමහර විටක ඔබ පුදුම වේවි, බුදු දහම ඇසුරින් වන සංස්කෘතීන් සමග ගිලී සිටින ඇතැමෙකුට මුල් දහම පෙනෙන්නේ හතුරෙකු ලෙස කීවොත්. අම හිතන්නේ මේ බව සියලුම ආගම් වලට පොදුයි. හරිම සංකීර්නයි.” වරක් මා හැදෑරුම් ආයතනයකදී මේ බව විවෘතව පලකල මොහොතක අයෙක් දෙදෙනෙක් ගැ‍ටුමකට පවා සැරසුනු යුරු පැහැදිලි කෙරුවෙමි. ඇය විමතියට පත් බවක් පලකරවන්නට විය. ” කොහොම උනත් මිනිස් වර්ගයාගේ සංස්කෘතික කථාන්දරයේ බරපතලම පරිච්ඡේදයක් ලොව පුරා නෙක ප්‍රදේශවලින් බිහිවෙන නෙක ආකාරගත් දහම් කාරනා සමග ලියවෙනවා.”ඔවුන් අද අත්පත්කරගෙන සිටින ශිෂ්ඨ බවින් වැඩි ප්‍රතිශතයක් හිමි වෙන්නේ ඒවා ගෙනෙන ලද හික්වීම් වලට බවයි මම විස්වාස කරන්නේ. මිනිසාට තමන්ව අර්ථ දක්වා ගන්නට අවශ්‍යව තිබූ ජීවිත කාලය ගැන පමනක් නොව මෙහි ආ තැන් මෙන්මපසුව යන තැන ගැන පවා අර්ථ මේ දහම් ඔස්සේ ගෙන ඒම ඔවුනට මහත් සහනයක් වූවා මම හිතන්නේ.” ඇය වඩාත් අවධානයෙන් සවන්දීම මා මහත් සිත්ගත් කරුනක් විය. ඇගේ විමසිලිමත් මනස මා ඇය වෙතට බැදගත් පලමු කාරනව යැයි මට සිතිනි. “හැබැයි අමතක කරන්න එපා තවමත් ලොවපුරා මතුවන බොහොමයක් ගැ‍ටුලු වලටද පදනම ඒකම බව” ඇය පිලිවදන සමස්ථය පිලිබදවම කැටිවීමක් ගෙනවිත් තිබිනි.

lecture-hall

හැට එක් වන කොටස…

          පසුදා උදය වරුවේම කාලය නොයෙකුත් අධ්‍යාන ආයතනයන් සමග නව සේවා අවස්ථාවක් ගැන කල සාකච්චා සදහාම වෙන්ව ගෙවී ගියාය. සමහර ආයතනයන් සමග වූ අදහස් හුවමාරූන්ගේදී තවමත් ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික නැබුරුතා පිලිබදව විමතියක් ඇති වූවාය. විටක ඔවුන් නව දැනුම සමග ඉදිරියට යනවා වෙනුවට ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික අනන්‍යතාවය පිලිබදව මහත් සතු‍ටු වෙනවා වැනිය. තවත් විටක මහා බරපතල විද්වතුන් ලෙසට සැලකෙන මෙන්ම පිලිගැනුම් ලබන අයගේ යල් පැන ගිය අදහස් ඔවුන්ගේ විෂයන් වෙතට මොනතරම් බරක් වී ඇත්දැයි පැහැදිලි වන විට මහත් කනගාවුවක්ද ඇති විය. ඇත්තෙන්ම ඔවුන්ට තම දැනුම පිලිබදව ඇති ගනු දෙනුවට වඩා ඇත්තේ එම දැනුම ඇති බවට ලබා ඇති සහතික පිලිගැනීම් පිලිබද ගනු දෙනුවකි. අවසානයේ ආයතන කිහිපයකම තාවකාලික online ආකාරයේ දේශන අවස්ථා කිහිපයක් ලබා ගන්නට හැකි විය. එයින් ඉපයෙන ආදායම ඉදිරි කෙටි කාලය සදහා සැහෙනු ඇත. අපගේ අවසාන කෘතිය වෙතට ලොවෙන් පිලිගැනීමක් ලැබුනද නොවුනද හෙට හෝ එලබෙන කවදා හෝ මිනිස් වර්ගයා පසුකරන්නට වන කඩයිම් කිහිපයක් ගැනම එහිදී පුලුල්ව කථාකරන්නට හැකිවීම පොලොවෙහි පස් අතර සැගව යන්නට ප්‍රථම මා අතින් මගේ වර්ගයා වෙනු වෙන් යුතු කමකැයි සිත තුල ඇති බලවත් විස්වාශයකි. දහවල උදාවෙත්ම නගරයේ උදයානය වෙතට යන්නට සිත් විය. එහි වන කුඩා අවන්හලකින් ලබා ගන්නා සරල ආහාරයක් දහවල සදහා සැහෙනු ඇත. එතරම් ජනාකීර්න නොවන දහවලේ උද්‍යානය පුරා විවිධ කුරුලු හඬවල් වලින් පිරී යයි. අන්තර්ජාල ඔස්සේ Zen දහම ගැන වන මධ්‍යස්ථානයක් පිලිබදව තොරතුරු ලබා ගත් අතර සැදෑවේ අප හමුවූ පසුව ඒ වෙතට යාමට කාලය යොදා ගැනීම පිලිබදවද කථාබස් කරන්නට අවශ්‍ය තොරතුරු සටහනක්ද සමග නවා තැනින් පිටත් වීමි. පිටත්ව සුලු වෙලාවකින් දුරකථනය වෙතට පැමිනි පනිවිඬයකින් පැවසුනේ පෙරදිනයේ ගිවිසගත්තාට වඩා හොරාවක් පමන ඉක්මනින් ඇයට උද්‍යානය වෙතට පැමිනෙන්නට හැකි වන බවකි. නගරය කෙරවල වන කදුමුදුනත වෙත යන්නට ඇයට අවශ්‍යව ඇත.

OLYMPUS DIGITAL CAMERA

               “මිනිස් වර්ගයා තම ගමනේදී පෘතුවිය මත තැබූ පලමු හරවත් සටහන ගුහා චිත්‍ර ලෙසට පිලි ගැනෙනවා….” එම ශිල්පියා තම දෙපැයක පමන වූ වර්ණන කාර්යයෙන් පසුව තම අදහස් කිහිපයක් ශාලාවෙහි වෙසෙන්නන් සදහා පලකරන්නටද අමතක නොකලේය. “අප අවට වන වර්ණ හා හැඩතල සමග තම සිතැගි මුසුකල මේ ව්‍යායාමයන් මිනිසා විසින් නිර්මානය කර ගත් අනෙකුත් බොහෝ සංස්කෘතික කාරනා ඉක්මවමින් විශ්වීය වීම පැහැදිලියි” ඔහු වඩාත් දාර්ශනික ලෙසට තම විෂය සමග ඇති තම ගනු දෙනුව පැහැදිලි කරන්නට වූවාය. “මම ඔබට මතක කරනවා මිනිසාට තම අතීතයට මෙන්ම අනාගතයට ඇවිද යන්නට පහසුතම විශය රටාව නම් චිත්‍ර කරනය බව. දිනක අපහට මේ විශ්වයේක් ඈත දේශයකින් යමෙක් මෙහි පැමිනියද අපව තේරුම් ගන්නට පහසුතම මාධ්‍ය වනවා ඇත්තේ මේ සිතුවම් කරනය වේවි යන්න මගේ විශ්වාසයයි. ස්තුතියි” අපූර්ව හෝරා දෙකහමාරක කාලය නිමාවිය. ඔහු සාමාන්‍ය අමුත්තෙකු ලෙසට මද උස් වේදිකා තලයෙන් බැස විත් තම රාත්‍රී ආහාරය සදහා අසුන් ගැනිනි. මා ඒ දෙස බලා සිටිනු දු‍ටු ඇය “‍රැස් විහිදිය යුත්තේ මිනිසා ගෙන් නොව, ඔහු කරන කියන දෙයිනි” සරල මෙන්ම මහත් බරපතල අදහසක් ඇය සැහැල්ලුවෙන් පවසා දමන්නට කටයුතු කලාය. දවසේ වෙහෙස වෙනුවට මහත් ප්‍රබෝධයක් සිත ගත පුරා විසිරී ඇතුවාක් මෙනි.
“ඔබ දන්නවද, බුදු දහම අනෙකුත් බොහෝ දහම් වලින් වෙන් වන්නේ එය තවත් ගොඩ නැගීමක් වනවා වෙනුවට ගොඩ නැගීම් විග්‍රහ කරන දහමක් වනවා. ඒක් දර්ශනයක්ද නොවන්නේ තවත් දැක්මකට ආරාධනා කරනවා වෙනුවට දැක්ම අහවර කරන්නට යෝජනා කරන නිසයි. අර ගම්වාසීන් වැදිම් පිදුම් කරන කිසිදු දෙයක් හෝ ක්‍රියාවක් එහි නැහැ. හැබැයි වඩාත් ශිශ්ඨසම්පන්න විදිහට ඔවුනගේ ජීවන රටාවල් පවතිනවා. ඔවුන්ගේ සංස්කෘතිය බාහිර ලෝකය මත එතරම් සටහන් වූ දෙයක් නොවේ. ඒත් ඔවුන් වඩාත් සංස්කෘතිකයි. මේක හරියට බාහිර අපිට ඇතුලතත් අවුල්, පිටතත් අවුල් කාරනාවක් වගේ පෙනුනට ඔවුනටනම් එහෙම නැති බවයි පෙනෙන්නේ.” සටහන් පෙල වඩාත් හරවත් වන්නට නම් එම සටහන මෙන් දස දහස් ගුනයක් අප පසුකල යුතුය. “අපි හෙට සැදෑවේ නැවත හමුවෙමුද? දිනයට සමුගැනීම වෙනස් ආකාරයකට මම යෝජනා කලෙමි.

166850-frederika

හැට වන කොටස

     යාන්තමින් අදුර පැමිනෙත්ම අප සුපුරුදු අවන්හල වෙතට පැමිනෙන්නට සමත්විනිමු. අවන්හලේ උද්‍යානයභාර මැදි වියැත්තා අප වාහනය වාහන ගාල තුල නතර කොට පිටතට පැමිනෙත්ම සිනාමුසු මුහුනින් සුහඳ බව පල කරන්නට කටයුතු කලාය. සාමන්‍යයෙන් ඔවුන් වඩාත් කැමති වන්නේ දැඩි අවධානයෙන් තම තමන් වෙතට පැවරී ඇති රාජකාරිය උපරිමයෙන් නිමකරන්නටය. සමහර විටක පසුගිය කාලයේ අප ඔවුනගේ මතකයන් තුල වඩාත් හොඳින් සටහන් වන්නට සමත්වන්නට ඇත. පිලිගැනීමේ කටයුතු කල තරුනිය වඩාත් සතු‍ටුදායක තොරතුරක් ‍රැගෙන ආවාය. “අප ඔබව සාදරයෙන් පිලිගන්නවා.කලකට පසුව ඔබ වඩාත් අපූරු දවසක පැමින ඇති බව් දැනුම් දෙන්නට කැමතියි”. ඉන්දියානු ආභාශයක් ඇති යුරෝපියානු ප්‍රකට චිත්‍ර ශිපියෙකුගේ නම සදහන් කරමින් ඇය පැවසුවේ සෑදෑවේ ප්‍රධාන අමුත්තා ලෙසට පැමිනෙන බවය. ඇය වැඩි දුරටත් විස්තර කලාය. එලිමහන් චිත්‍රනය පිලිබදව මහත් සමත් ඔහු නගරයේ කෙරවල කඳු මුදුනතහි මෙන්ම නගරයේ උද්‍යානයේ මතකයන් දෙකක් පැමිනෙන්නන් ඉදිරියේ නිමකරන්නට බලාපොරොත්තුවන බවකි. “ඒත් ඔබ ඔහු සමග එක්වන්නට අකමැතිනම් දෙවන ශාලාවේදී ආසන පනවා දෙන්නට අපට හැකියි”. මෙවන් විසිතුරු අවස්ථාවක් මගහරින්නට අප දෙදෙනාටම අවශ්‍ය නොවිනි. “අපි ඒ සැදෑවාට් සහභාගී වෙන්නට කැමතියි. ඒත් මදක් දුරින් වන ආසන දෙකක් බලාපොරොත්තු වෙන්නේ දෙදෙනා අතරද සංවාදයකට ඉඩකඩ අවශ්‍ය නිසයි” මම පැහැදිලි කෙරුවෙමි.
මදක් උසින් පිහිටා ඇති වේදිකාවක එම ශිල්පියා තම පරිනත වර්ණ හැකියාව නිමවන අයුරු දෙපසින් වන නිශ්චල කැමරාවන් දෙකක් ඔස්සේ දෙපසින් ඉහලින් වන විශාල තිර දෙකක ප්‍රද්ර්ශනය වේ. බොහෝ දෙනා ධ්‍යානයකට සමවැදුනාක් සේ මදු විතක් තොලගාමින් හෝ රාත්‍රී ආහාර වේල සමහ ඒ අපූර්ව වර්ණ හරඹය බලා සිටී. තමන් ආහාර ගනිමින් සිටින දීසියකින් වත් අමතර හඬක් නොනැගැන පරිදි ශාලාවේ නිහඬ බව රකින්නට ඔවුන් සහය වන්නේ කිසිදු විධානයකින් හෝ ඉල්ලීමකින් තොරවය. කලාතුරකින් හෝ අයෙක් තම නොසන්සුන් බවක් සමග පිටතට යන්නට අවශ්‍ය වුවහොත් සහය වන්නට කාර්යමන්ඩලය සූදානම්ව සිටින්නේ සාමාන්‍ය රාජකරියට මදක් ඔබ්බෙන් මෙනි. අප දෙදෙනාටද කථා බහ සදහා කොතරම් දේ තිබුනද මේ නිහඬ බව බිඳින්නට මහත් ලෝබකමක් දැනෙන්නා සේය.ඉදහිටක හුවමාරුවූ වදනක් දෙකක් හැරෙන්නට අප දෙදෙනද ඒ අපූර්ව වර්ණ හරබයට සමවැදුනාක් මෙන් විය.

Albert-Einstein-Knowledge-Quotes-Images1

පනස් නමවන කොටස….

                               “ධනය හා බලය මත පදනම් වන අපේ දෛනික ලෝකය වෙතින් ගිලිහුනු බොහෝ දේ වෙතැයි මම සිතනවා. මෙවර මගේ මූලික හැදෑරීම් වලට අමතරව අදදවසේ වෛද්‍ය විද්‍යාවේ ගමන් මග ගැන කෙටි හැදෑරිමක් කරන්නට මම උත්සාහ කලා. එම ආයතනයේ මහචාර්ය වරුන් කිහිප දෙනෙක් සමග කථබස් කරමින් තොරතුරු ‍රැස්කරන්නට මම උත්සාහ කලා.විටක ඔවුන් අපැහැදිලිව වුවත් මාත්සමග එකග වන්නට සිදූවුනා මේ විෂයේ උනත් ප්‍රධාන දිශානතිය යොමුවෙලා තියෙනේ ලාබය හා බලය දෙසට මිස සමස්ත මිනිස් වර්ගයාගේ උන්නතියටම නෙමෙයි කියලා”. මෙම හැදෑරීම් මුදල් විසින් මෙහෙයවන්නක් නොවනවා සේම යෙදවන උත්සාහයට කෙසේ වෙතත් කිසිදු ආර්ථික ලාභයක් නොගෙනෙනු ඇති වුවත් සාමාන්‍ය මිනිස් ධාවන පතයෙන් ඔබ්බෙන් වන මෙම උත්සාහය මිනිස් වර්ගයාගේ හෙට දවස වෙනුවෙන් අල්පමාත්‍ර වූ හෝ සේවයක් ගෙනෙනු ඇති බව අප දෙදෙනාගේම බලාපොරොත්තුව වීම සිතට ගෙනෙන්නේ මහත් සහනයකි. කලාතුරකින් හමුවන ආකාරයේ අපූරු හැදෑරුම් සහකාරියකව ඇගෙන් ලැබෙන මෙම සහය වඩ වඩාත් මා දිරි ගන්වන සුලුය.
අප නගරයේ කෙලවර වන සුපුරුදු කඳු මුදුනතට බලා පොරොත්තුවූ ගමන කල්දමන්නට තීර්නය කලෙමු. “මම හිතන්නේ කෙලින්ම අපගේ අවන්හල වෙතට ගොස් රාත්‍රී ආහාරය ගෙන ටිකක් ඉක්මනින් අදට සමු ගැනීම වඩාත් හොඳ වෙවි නොවේද?” මම යෝජනා කලෙමි. හැකිනම් දවස ඉක්මනින් පටන්ගේ සැදෑවේ ඉතිරිකර ගන්නා කාලය අපගේ හැදෑරීම සදහා යෙදවීම වඩාත් වාර්ථක උත්සාහයක් වේවි. මමත බලා පොරොත්තු වෙනවා හැදෑරුම් ආයතනයක් සමග එකගතාවයකට එන්න Online ආකාරයටෞදෑ වරුවේ සහය දේශන මාලාවක් සැලසුම් කරගන්නට. අවශ්‍ය සැහැල්ලුව මෙන්ම සම්පත් සදහා වැය ඒකාරයට උපයාගැනීම වඩාත් කාලෝචිත පියවරක් වේවි. මගේ මෙන්ම අපේ සැලසුම වෙතට ඇය එකගවිය. දැනටමත් ඇය අදාල විෂයන් පිලිබදව හසල දැනු මැත්තන් කිහිප පලකටම අපගේ වැයම පැහැදිලි කර අවශ්‍ය විටකදී සහය ලබා ගන්නට පොරොන්දු පලකරවා ගෙන තිබිනි.

walking on down the road..

පනස් අට වන කොටස…

       සෑදෑව කෙමෙන් දැඩිවෙත්ම ගිම්හාන සැදෑවල් වලදී නගර උද්‍යානය ජනාකීර්න වන්නට පටන් ගනී. නගර වැසියන් ලමා ලපටීන් සමග උද්‍යානය වෙතට පැමිනීම මෙහි සිරිතය. විටක මධ්‍යම රාත්‍රිය වෙත්ම මෙහි කාලය ගත කරති. හොඳින් ආලෝකමත්වන උද්‍යානය අවශ්‍ය ආරක්ශාව සපයන අතර ජංගම අවන්හල් වෙතින් රාත්‍රී ආහාර වේල දක්වා මෙහි ‍රැදෙන්නට පොලබවන සුලුය. තම ජංගම උපාංග ‍රැගෙන එන ඔවුන් තම අධ්‍යාපන , වෘතීය හෝ විනෝදත්මක සුපුරුදු ජීවිතය අකංඩව පවත්වාගෙන යාමට කටයුතු කරයි. සමස්ථ උද්‍යාන කලාපයම නිදහස් දත්ත සබඳතාව සපයන අවකාශයක් වන අතර ඒවා ආරක්ශිතව ලබා දීමට මෙන්ම ඉතාම කලාතුරකින් හැරෙන්නට හානිකර ලෙසට හැසිරෙන පුද්ගලයන් මෙහි බොහෝ සෙයින් විරලය.
“අපිට නතරවුනු තැන සිට ඉදිරියට යන්නට නම් මට මතක විදිහට ඔවුනගේ පාලන රටාවල් පිලිබදව තොරතුරු සටහන් කරන්නට වේවි. මට දැනෙන විදිහට දියුනු මිනිස් සමාජවල වලටත් එහාට යන සමාජ රටාවන් ඔවුන් සතුයි. සාමන්‍යයෙන් සිදුවන අධ්‍යාපනය ඔස්සේ ශිෂ්ථසම්පන්න කිරීමේ ක්‍රියාවලිය එතරම්ම සැහැල්ලුව පවතිද්දී ඔවුන් කොහොමද ඒ තරම් ක්‍රමවත් ජීවන රටාවකට ඇතුල් වන්නේ කියන එක අපිට පැහැදිලි කර ගන්නට වේවි. මම හිතනවා ජීවවිද්‍යාත්මකවම ඔවුන් අපට වඩා දෑ අත්පත්කරගෙන සිටිනවා. එතකොට පැමිනෙන ගැටලුව තමයි අප හා සමාන මෙන්ම මේ තරන්ම් හුදකලා වනු ජන කොටසක් කොහොමද මේ තරම් ඉදිරියෙන් ඉන්නේ කියන එක. අපහා සමාන සම්ඝවයක්, ජාන ඉතිහාසයක් දරන ඔවුන් ඒ පොලා පැනීම අත්පත්කරගනේ කොහොමද කියලා අපට පැහැදිලි කරගන්නට වෙයි.” ඇය නිහඬව සියල්ලටම ඇහුම්කන් දෙමින් සිටී. “ඒක පිටසක්වලින් පැමිනි යම් ප්‍රබෝධයකින් ඔවුන් අත්පත්කර ගත්තාද? නැතිනම් අප පෘතුවියේ වන බවට සමහර හදාරන්නන් යෝජනා කරන කුන්ඩලනී ශක්තිය වැනි යමක් ඔස්සේ අපට වඩා වැඩි වේගයකින් ඔවුනගේ ජාන පරම්පරාවල් ගෙන යන විනය අවබෝධය ප්‍රබෝධමත් වුනාද? වගේ බොහෝ උපකල්පන ඔස්සේ අපට ඉදිරියට යන්නට වේවි. අවශ්‍ය තොරතුරු ‍රැස්කරගන්නට හැදෑරුම් ආයතන බොහොමයක උදවු පතන්නටත් වේවි. ඔබ මොහද හිතන්නේ මේ ගැන? ඇයගේ පිලිතුර සරලය. “මම සූදානම්”.

2897935-foggy-morning-in-the-autumn-city-park-near-the-river-landscape

පනස් හත්වන කොටස

          නගරයට මදක් වන්නට යාබදව පිහිටි තාවකාලික නවාතැන්පලක් වෙන් කර ගන්නට නගරයේ පිහිටි තොරතුරු කාර්යාලයේ සහයෝගය නිසා වඩත් පහසු විය.මීට ඉහත වාරයේදී සේවය කල හැදෑරුම් ආයතනයට ආසන්නව පිහිටි එම ස්ථානය වඩාත් හුරු පුරුදු බවක් ගෙන ඒම වඩාත් සහනශීලී බවක් දනවන්නන්ක් විය. කෙටි විවේකයකින් අනතුරුව නගරය වෙතට යන්නට සූදානම් වීමි. පෙර සැදෑකාලය නිසාමදෝ උද්‍යානයේ වැඩි කලබල බවක් දක්නට නොවිනි. උද්‍යානයේ වූ සුපුරුදු සැකසුම එලෙසම නිසාදෝ මහත් සුපුරුදු බවක් ගෙනෙන සුලු විය. අප කවදත් ප්‍රියකල උද්‍යනයේ කෙරවලටට වන්නට පසකින් ගලායන ගංගා ඉවුරට වන්නට පිහිටි අසුන නිදහස්ව පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින්නාක් සේ දැනිනි.
“ඒ කියන්නේ අපි නැවත හමුවේලා..” පරිසරය සමග දැහැන්ගත වූවාක් මෙන් සිටි මා හට ඇයගේ පැමිනීම නොහැගිනි. අසුනෙන් නැගි සිටි මම ඇයට අසුන් ගන්නට ආරාධනා කලෙමි. මහත් ලෙන්ගතු ආචාරකිරීමකින් අනතුරුව ඇය ආ ගිය තොරතුරු බොහෝ දෑ අසන්නට පටන් ගත්තාය. අතොරක් නැතිව ගලා යන දෙබස් අතර මා ‍රැගෙන විත් තිබූ පොත් පත් කිහිපයක් හා CD කිහිපය ඇය වෙතට පිරිනැමු වෙමි. ඇය මහත් සතුටින් පිරී ඇත්තා සේය. මෙතෙක් හමුව තිබූ බොහෝ බටහිර තරුනියන්ට වඩා ඇය වඩාත් සංවේධී බවක් ඇත්තියක් වීම මා වඩාත් සිත්ගත් කාරනාවක්ව තිබිනි. ඇය මෑතදී අවසන් කල හැදෑරූම් වැඩසටහනේදී ලත්, අප පෙර සිටි සමහර ස්ථාවරයන් වෙනස්කරවන නව දැනුම් තොරතුරු පැහැදිලි කරන්නට ඇයට මහත් සේ අවශ්‍යව තිබිනි. අප අවසන් නොකල සටහන් පෙල වෙතට ඇය ගෙන විත් තිබූ නව වෙනස්කම් පැහැදිලි කරන්නට අවශ්‍යව තිබිනි.ආශ්‍රමය හා ඔබ්බෙන් පිහිටි ගම්මානය, ඔවුන්ගේ ජීවන තොරතුරු පිලිබදව පැහැදිලි කරගන්නට මහත් උනන්දුවකින් ඇය උත්සාහ කරන්නට විය. ඇයගේ දැඩි උනන්දුව අතරමදී තාවකාලිකව නතරවූ සටහන් පෙල වඩාත් අපූර්ව ලෙසට ඉදිරියට ගෙන යන්නට මාතුලවූ උනන්දුව වඩ වඩාත් අවදිකරවන්නන් සේ දැනිනි.